බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නැවතත් මාරු කර යවා තිබේ. ඒ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීම වෙනුවෙනි.
පසුගිය අගෝස්තු 30 වන දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකළ සැත්කමකින් අනතුරුව බන්ධනගාර රෝහලට ඇතුළත් කරන ලද උන්වහන්සේ නැවත සැප්තැම්බර් 6වන දින අසාත්මිකතාවයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මාරු කර යවා තිබිණි.
උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත උන්වහන්සේට වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.