පිලියන්දල ප්රදේශයේදී කාන්තාවක් විසින් පැදවූ ජීප් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදුවූ අනතුරින් පුද්ගලයෙකු මියගොස් ඇත.
පිලියන්ද හොරණ කොළඹ ප්රධාන මාර්ගයේ බොකුන්දර හන්දිය අසල අද (29) පිළියන්දල සිට කොළඹ දෙසට ධාවනයවූ ජීප් රථයක් එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක සහ අසල පිහිටි තාප්පයක ගැටී එම ජීප් රථය ඉදිරියට ඇදී යාමත් සමග ඒ අසල සිටි පදිකයෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අනතුරින් එම පදිකයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මරණකරු වයස අවුරුදු 52ක් වූ වේරහැර, බොරලැස්ගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ජීප් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති පිලියන්දල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කරනු ලබයි.