ඉන්දියාව ද, චීනය ද, ඇමරිකාව ද නොව රටේ බලශක්තිය රජය යටතේ පැවතිය යුතු යැයි ශී්ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ආණ්ඩු වුණත් රටේ තෙල්, ගෑස් ඇතුළු ජාතික සම්පත් ටික විවිධ රටවල්වලට විකිණීම නොබැඳි ප්රතිපත්තිවලට පටහැනි බවත් එයට ශී්ර ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ වනවිට ඇමරිකාවට එල්. එන්. ජී. විදුලි බලාගාරයේ කොටස් 40%ක් ලබාදීමට විරුද්ධව මත පළවෙමින් තිබෙන බවත් ශී්ර ලංකා නිදහස් පක්ෂය ද අගමැතිවරයා සමග සාකච්ඡා කර ගැටලූව සමනය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කරන බවත් පැවසීය.