ජාතික ජන බලවේගයට හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ලබාදෙන්නේ කාටද යන්න තම සංවිධානයේ කමිටු සාමාජිකයන් විසින් තීරණය කරන බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේය.
මේ අනුව ජාතික ජනබලවේගයේ කමිටුව අද (10දා) සවස රැස්වෙන බවත්, මෙහිදී ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ලබාදෙනනේ කාටද යන්න සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවද 'අද' කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේය.
මේ අනුව ජාතික ජන බලවේගයට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ජනතා විමුක්ති පෙරමුණට හිමි වීමට ඉඩ තිබෙන බවට වාර්තා වන අතර, අදාළ මන්ත්‍රී ධුරය මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත් අපේක්ෂකයෙකුට හිමි වීමට ඉඩ තිබෙන බවද වාර්තා වේ.