කොවිඩ් ව්‍යසනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන මෙරටට සහයෝගය ලබා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි ඉහළ කැපවීම් නිසා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම කාර්ය මණ්ඩල තම රාජකාරි මගහැර සිටියේ නම් කිසිදු ජාත්‍යන්තරික සංවිධානයක් මෙරටට සහය නොදක්වනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සෞඛ්‍ය හා රැකවරණ සේවකයන්ගේ ජාත්‍යන්තර වසර (2021) නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් තැපැල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කිරීම නිමිත්තෙන් අද (30) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව කීය.මෙම සමරු කවරය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගන්වනු ලැබීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ විවිරණ සහිත ග්රන්ථයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්වීය.
ලොව බොහෝ රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් ව්‍යසනයේදී රාජකාරියෙන් මගහැර සිටියදී ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ ඉහළ සිට පහළ දක්වා සෑම තරාතිරමකම පිරිස් රටෙහි ජනතාව වෙනුවෙන් ඉහළතම කැප කිරීමක් ලබාදුන් බව අමාත්‍යවරයා කීය.
කිසිදු පැකිලීමකින් තොරව ප්රමුඛ අරමුණ වෙනුවෙන් එම කාර්ය මණ්ඩල කටයුතු කිරීම ලොව බොහෝ රටවල් ආදර්ශයට ගත් බවත්, එය ජාත්‍යන්තරික සංවිධානයන්හි ඇගයීමට ලක් වූ බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.