ජා-ඇල නගර සභාවේ අගෝස්තු මස මාසික මහ සභා රැස්වීම ඊයේ (10දා ) එහි ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් අතරමග නවතා දැමීමට සිදු විය. පසුව පිටවී ගිය මන්ත්‍රීවරියන් දෙදෙනකු දුරකථන මාර්ගයෙන් කැදවා පභාවේ කටයුතු අවසන් කිරීමට නගරාධිපති වරයා පියවර ගත්හ.
සභාවේ කටයුතු පෙරවරු 10. 15 ට පමණ ආරම්භ වු අතර සභාවේ සියළුම මන්ත්‍රීවරුන් එම අවස්ථාවේ පැමිණ සිටියහ. දහවල් 12.30 පමණ වන විට පැමිණි මන්ත්‍රීවරුන් පිරිසක් නැගිට පිටව යාම නිසා එහි ගණ පූරණය නොමැති වීමෙන් සභාවේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි විය. එම අවස්ථාවේ සභාවේ වෙනත් කරුණු යටතේ නව අග්‍රාමාත්‍යය වරයාට හා රජයට සුභ පතමින් මන්ත්‍රී වරු අදහස් දක්වමින් සිටියහ.
ජා-ඇල නගර සභාවේ බලය හිමි පොදු ජන පෙරමුණේ නගරාධිපති වරයා හා එම පක්ෂයේ එක් මන්ත්‍රී වරයකු පමණක් සභාවේ රැදී සිටී අතර එම පක්ෂයේ ඉතිරි මන්ත්‍රීන් හය දෙනකු සභාවේ නොසිටීම කැපී පෙනිණි.
ජා-ඇල ප්‍රසංග පෙරේරා/ ජා-ඇල තිස්ස කොටින්කඩුව
