ජීවන වියදමට සරිලන වැටුපක් වතු කම්කරුවන්ට ගෙවන ලෙස බල කරමින් වතු සමාගම්වලට එරෙහිව වතුකරයේ වෘත්තීය සමිති ගණනාවක්, සිවිල් සංවිධාන කිහිපයක් හා ගුරු සංගම් කිහිපයක් එක්ව ඊයේ (23දා) තලවකැලේ නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
තලවකැලේ නගර සභාව අසලින් ආරම්භ වූ උද්ඝෝෂණය තලවකැලේ නගර මධ්‍යට පැමිණ තලවකැලේ නගර හරහා තලවකැලේ ලිදුල නගර සභා ක්‍රීඩාංගණයට පැමිණියේය. එහිදී උද්ඝෝෂකයෝ රැස්වීමක්ද පැවැත්වූහ. වතු කම්කරුවෙකගේ දැනට දෛනික වැටුප වශයෙන් සියලුම දීමනා සහිතව රු 720 ක වැටුපක් ගෙවන අතර, එම මුළු වැටුප ලබා ගැනීමට වතු කම්කරුවෙකු වැඩ කරන දිනයන්හි 90%ක් සේවයට වාර්තා කර තිබිය යුතුය.
වතුකම්කරුවන්ගේ ඉදිරි වසර දෙක සඳහා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තීය සමිති අතර නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම සදහා මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.
වතු කම්කරුන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමය මෙහිදී අවධාරණය කර සිටියේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප වැඩි විය යුතු බවටයි.
මෙම උද්ඝෝෂනයට නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජ්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර්, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් සහභාගි වී සිටියහ.
හැටන් - රංජිත් රාජපක්ෂ / ශාන් හුලංනුගේ / මස්කෙලිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක / චන්ද්‍ර සෙල්ලහේවා