කොවිඩ් 19 වෛරසය වැළදී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා ආරක්ෂිතව ජෛව සාම්පල ලබා ගැනීමට පහසුකම් සැපයෙන කුටියක් හෝමාගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය ට අද (2) දා පරිත්‍යාග කෙරිණි. .
හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඩිප් ප්‍රඩක්ට් ආයතනය මඟින් මඟින් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. .
ක්ෂේත්රයේ ඕනෑම ස්ථානයකට මෙම කුටිය රැගෙන ගොස් ආරක්ෂිතව ජෛව සාම්පල ලබාගෙන රෝගියාට koviD 19 රෝගය වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීමට පහසුකම් සපයා ඇති බවත් ඉන් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සියයට සීයක් ආරක්ෂා කර ගැනීමට හැකි වන බවත් හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ.එච්.ජගත් කුමාර මහතා පැවසීය .
මෙවන් කුටියක් මීට පෙර කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල භාවිතයට ගෙන නොතිබූ අතර මෙවන් කුටි වැඩි වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල වලට ලබා දෙන්නේ නම් කොවිඩ් 19 රෝග ලක්ෂණ සහිත රෝගීන් වැඩි වශයෙන් පරීක්ෂා කිරීමට හැකි වන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් කුමාර මහතා මහතා වැඩිදුරටත් පැවසීය .
මෙම ආරක්ෂක කුටිය ඩිප් ප්‍රොඩක්ට් ආයතනයේ ඉංජිනේරු අංශය මගින් රුපියල් ලක්ෂයක පමණ වියදමින් නිපදවා ඇති බවද පැවසේ. .
මෙම අවස්ථාවට ඩිප් ප්‍රඩක්ට් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ඇන්ඩෘ, ඉංජිනේරු සාමාන්‍යාධිකාරී චන්දිකා රත්නසිරි, මානව සම්පත් සාමාන්‍යාධිකාරී තුසිත පෙරෙරා, මානව සම්පත් කළමනාකරු චරිත් රවිහංස, කර්මාන්තශාලා කළමනාකරු නිශාන්ත ජයසිංහ,හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර , පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ .
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න