පානීය ජයලයට වස මිශ්‍රකර ඇති බවට ඊයේ දිනයේදී අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකරුවන් මාදම්පිටිය පාර, කොළඹ 15 ලිපිනයේ පදිංචිව සිටි ඇති අතර ඔවුහු බ්ලූමැන්ඩල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් කොළඹ අංක 06 මහේස්තාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙවැනි අසත්‍ය තොරතුරු පතුරුවන පුද්ගලයන්ට දැඩි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය පවසයි.