දඹුල්ල ජල සම්පත් මණ්ඩලයේ වසර තුන හමාරක් තිස්සේ හොරෙන් ජලය ලබාගෙන වගා බිම් ඇති කළ ජල සම්පත් සේවකයා පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා ඔහුට විරුද්ධව වීනය පියවර ගන්නා ලෙසත් නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් දන්වා සිටි බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (20දා) දැනුම් දී තිබේ.
අහිංසක දඹුල්ලේ ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබාදීම සඳහා තමන් දැඩි ලෙස කටයුතු කළ බවත් ජනතාවට ලැබිය යුතු ජලය ඉතා හොර රහසේ ජල සම්පත් මණ්ඩලයේ ම සේවකයන් වසර තුනහමාරක පමණ කාලයක් තිස්සේ ලබාගෙන වගාබිම් කරමින් ඔවුන්ගේ සුඛ විහරණය සඳහා යොදා ගැනීම බරපතළ අපරාධයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.
දඹුල්ල ජල සම්පත් මණ්ඩලයේ සේවකයෙකු දඹුල්ල ගම්උදාව පිටුපස රජයේ ඉඩමක අක්කර දෙකහමාරක පමණ ක ප්‍රමාණයක් රජයේ ඉඩමක් අල්ලාගෙන ජලය බෙදාහරින ප්‍රධාන ජල නලය හරහා ජලය ලබාගෙන වසර තුනහමාරක පමණ කාලයක සිට වගාබිමක් පවත්වාගෙන යන බව 19 දින පුවත්පත් මගින් හෙළිදරව් කර තිබිණි.
ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව දැනගත් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ජල සම්පත් මණ්ඩලයේ දඹුල්ල කාර්යාලයේ මාතලේ කාර්යාලයේ සහ මධ්‍යම පළාතේ ඉහළ ජල සම්පත් නිලධාරීන් වෙත මේ බව දැනුම් දී තිබේ.
දඹුල්ල ප්‍රදේශයේ අනවසර රජයේ ඉඩම් අල්ලාගෙන සිටින රාජ්‍ය සේවකයින් පිළිබඳවද තම අවධානය යොමුකරන බවත් වහාම මෙම ජල සම්පත් මණ්ඩලයේ ඉහළ සේවකයා ලබාගෙන ඇති රජයේ ඉඩකඩම් රජයේ ගොඩනැගිලි පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ද දඹුල්ල ජල සම්පත් මණ්ඩලයේ ඉහළ නිලධාරීන් වෙත දැනුම් දුන් බව අමාත්‍යවරයා පැවසීය.