ජල සම්පාදන මණ්ඩලය හරහා බෙදාහරින ජලය පරීක්ෂා කිරීමට වැඩපිළිවෙලක් රට තුළ තිබුණත් පානීය ජලය ලබා ගන්නා අනෙකුත් ස්ථානවල ජලය පරීක්ෂා කිරීමට වැඩපිළිවෙළක් නොමැති බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.
මේ නිසා ජල මූලාශ්‍ර රැක ගැනීමට වෙනම අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවද අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.
ලෝකයේ සේම ලංකාව තුළත් ජල මූලාශ්‍ර අපවිත්රවීම සිදුවන නිසා මෙවැනි තීරණයක් ගෙන තිබෙන බවද සඳහන් කළේය.