රජයේ ආයතනවලට නව රථ වාහන මිලදී ගැනීම් සිදු නොකර, තිබෙන සම්පත් යළි ප්‍රයෝජනයට ගැනීමේ වැඩපිළිවෙල යටතේ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ධාවනයෙන් ඉවත් කර ඇති රථ වාහන පිළිබඳ නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරයාගේ උපදේශක සඳක ගුණසේකර මහතාට සහ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික මහතාට උපදෙස් දී තිබේ.
ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මහරගම කළමනාකරු කාර්යාලයේ ධාවනයෙන් ඉවත් කර ඇති රථ වාහන පිළිබඳ සොයා බැලීමට ඉහත නිලධාරීන් 2020.12.03 දින එම කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය සිදු කරන ලදි.
අලුත් වැඩියා කිරීමෙන් අනතුරුව යළි ධාවනය කළ හැකි රථ වාහන කිහිපයක් එහි නිරීක්ෂණය වු අතර මේ පිළිබඳව අමාත්‍යවරයා වෙත වාර්තාවක් ලබා දීමට නියමිතව ඇත.