පවතින වැසි තත්ත්වයත් සමග ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල පොදුවේ ජල මට්ටම 75%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව ජල විදුලි නිෂ්පාදනය 25% සිට 35% දක්වා ඉහළ ගොස් තිබේ.
පැවඅති වියළි කාලගුණ තත්ත්වය නිසා ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම විශාල ලෙස පහළ වැටී තිබුණු අතර, උඩවලව ජලාශයේ ජල මට්ටම පසුගිය කාලයේ 20% දක්වා පහත වැටී තිබිණි.
එහෙත් මේ වනවිට එම ජලාශයේ ජල මට්ටම 46% දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව කොත්මලේ ජලාශයේ ජල මට්ටම 85%ක් දක්වාත්, කාසල්රී ජලාශයේ ජල මට්ටම 69.3%ක් දක්වාත්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 76.6% දක්වාත්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 81.6%ක් දක්වාත්, රන්දෙනිගල ජලාශයේ ජල මට්ටම 71.9% දක්වාත් ඉහළ ගොස් තිබේ.