ජල පාරිභෝගිකයන්ගේ බිල්පත් ගැටලු සම්බන්ධයෙන් විසදුම් ලබා දිම සඳහා විශේෂ දුරකථන අංකයක් හදුන්වාදිමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ අනුව ඕනෑම දුරකථන අංකයකින් E අකුර යොදා 0719399999 අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරිමෙන් තම ගැටලු වලට විසදුම් ලබාගැනිමට හැකිවනු ඇත.
මිට අමතරව ජල බිල්පත් සම්බන්ධ ගැටලු සඳහා ජල සම්පාදන මණ්ඩලයේ 1939 අංකය ඇමතිමෙන්ද තම ගැටලු වලට විසදුම් ලබා ගත හැකියි.
මෙම අංක වලට ඇමතුම් ලබා දිමෙන් තම ගැටලු වලට විසදුම් ලබා ගත හැකි බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.