ජර්මනියට දෙවැනි අගුලු දැමීම් තත්ත්වයක් වළක්වා ගත හැකි බව එරට ආර්ථික කටයුතු හා බලශක්ති අමාත්‍ය පීටර් අල්ට්මයර් පවසයි.
වසංගතයේ දරුණුතම තත්ත්වය ජර්මනිය පසුපස ලුහුබැඳ පැමිණියත්, මැයි මාසයේ සිට රටේ ආර්ථිකය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්ව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
එහෙත් 2020 දී රටේ දළ දේශීය නිෂ්පාදිතය 5.8%කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
ඇමතිවරයාගේ ප්‍රකාශය පැමිණෙන්නේ ආණ්ඩු විරෝධී විරෝධතා සමගද බලධාරීන් පොරබදමින් සිටින අවස්ථාවකය.
රජය විසින් පනවා ඇති කොවිඩ්-19 රෙගුලාසිවලට විරෝධය දැක්වීම සඳහා සෙනසුරාදා දහස් ගණනක් බර්ලිනයේ පෙළපාලි ගිය අතර, සමහර රැළි අන්ත දක්ෂිනාංශික රීච්ස්බර්ගර් වැනි කණ්ඩායම හා සම්බන්ධ වෙමින් පවත්වා තිබුණි. කෙසේ වෙතත් මෙය කොවිඩ්-19 අවදානම තවදුරටත් වැඩිකරන අවස්ථාවක් බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීය.