මයිසාක් සුළි සුළඟින් ජපානයට ඔබ්බෙන් සාගරයේ අතුරුදන් වූ භාණ්ඩ ප්‍රවාහන නෞඛාවේ කාර්ය මණ්ඩලය සෙවීම අයහපත් කාලගුණය හේතුවෙන් නවතා දැමුණු බව ජපාන වෙරළාරක්ෂක බලකාය පවසයි.
කාර්ය මණ්ඩල සාමාජිකයන් 43 දෙනෙකු සහ ගවයන් 6,000කට ආසන්න සංඛ්‍යාවක් සමග මෙම නෞකාව ජපානයට දකුණින් පසුගිය බදාදා අතුරුදන් විය.
නෞකාව අතුරුදන් වන අවස්ථාවේ නැගෙනහිර චීන මුහුදේ පැවති මයිසාක් සුළි කුණාටුවට හසුවී ඇත. එය 4 වන කාණ්ඩයේ ප්‍රබල සුළි කුණාටුවකි.
කෙසේ වෙතත් ඊට පසුව ඇරඹි මුදාගැනීමේ මෙහෙයුම්වලින් නැවියන් තිදෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව වෙරළාරක්ෂක බලකාය පවසයි.
දේශීය වේලාවෙන් සෙනසුරාදා දහවල් ගලවා ගැනීමේ මෙහෙයුම් අත්හිටුවා ඇති අතර දෙවැනි හයිෂුන් සුළි කුණාටුව අද එම ප්‍රදේශයට කඩා වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහෙයුම නැවත ආරම්භ කිරීම කාලගුණික තත්ත්වයන් මත රඳා පවතී.