ටෝකියෝ, අප්‍රියෙල් 18 (ෂින්හුවා) - ජපානය තුළ හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමෙන් පසුව පළමු සති අන්තයට පිවිසෙන විට ජපානයේ කොවිඩ් ආසාදිතයන් 10098ක් වාර්තා වී තිබේ.
ජපානයේ COVID-19 හි පළමු සිද්ධිය තහවුරු වීමෙන් පසුව, ආසාදිතයින්ගේ සංඛ්‍යාව අප්‍රේල් 9 දා වන විට මාස තුනක කාලයක් සඳහා වාර්තා වී තිබුණේ රෝගීන් 5,000 කට වඩා තරමකට වැඩි විය. කෙසේ වෙතත් දෙවැනි රෝගීන් 5000 වාර්තා වීම සඳහා ජපානයට ගතවී ඇත්තේ දින නවයක කාලයකි.
මේ අතර, සෙනසුරාදා දහවල් වන විට ටෝකියෝවේ COVID-19 රෝගීන් 181 ක් තහවුරු කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ටෝකියෝ නුවර රෝගීන් සංඛ්‍යාව 2,975 ක් දක්වා ඉහළ ගොස් තිබේ.