ජපානයේ පාලක පක්ෂ සාමාජිකයන් යොෂිහිඩේ සුගා එහි නව නායකයා ලෙස තෝරාගෙන ඇති අතර, ඔහු රටේ මීළඟ අගමැති ධුරයට පත්වනු ඇත. මේ සමග එලැඹෙන බදාදා පාර්ලිමේන්තුවේ සිදුවන ඡන්ද විමසීමෙන්ද ඔහු ජයගනු ඇති බව පැහැදිලි යැයි විදෙස් වාර්තා පවසයි.
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ හදිසියේ සිය සෞඛ්‍ය තත්ත්වය මත ධුරයෙන් ඉවත්වීමත් සමග එරට මීළඟ අගමැතිවරයා ලෙස ගොවියෙකුගේ පුතෙකු වන යොෂිහිඩේ සුගාගේ නම අනපේක්ෂිත ලෙස ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව අගමැති අබේ වෙනුවට අනුප්‍රාප්තිකයා ලෙස බොහෝ දේශපාලන විචාරතයන් විසින් සුගා නම් කර ඇති අතර, පාලක ලිබරල් ඩිමොක්රටික් පක්ෂය ඒ තෝරාගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීම අද පවත්වන බව කියයි.
ජපානයේ ජනාධිපති ක්‍රමයක් නොමැති අතර, රටේ නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තෝරා ගනු ලැබේ. එබැවින් ඊළඟ එල්ඩීපී නායකයා, කවුරුන් වුවත්, අගමැති වීමට පහසු මාවතක් තිබිය යුතුය.
හිටපු විදේශ ඇමති ෆුමියෝ කිෂිඩා සහ හිටපු ආරක්ෂක ඇමති ෂිගෙරු ඉෂිබා ද මෙම තරගයේ වෙයි. සුගා තෝරාගනු ලැබුවහොත්, එය 71 හැවිරිදි වියේ පසුවන සුගාට ඇදහිය නොහැකි හා දේශපාලන ජීවිතයේ නොසිතූ උච්චතම අවස්ථාවක් සලකුණු කිරීමක්ද වනු ඇත.