ජපන් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට
ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජපානයේ රැකියා ලබාගැනීම සඳහා මෙම සැකකාරියට රු. 600,000 ක මුදලක් ලබාදී පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය මෙහෙයවන ලදි.
ඒ අනුව වැලිවේරිය ප්රදේශයේ පදිංචි චමිලා චතුරංගනී ජයවර්ධන නම් සැකකාරිය බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය අසලදී අත්අඩංගුවට ගන්නා ලදී. වැඩිදුර විමර්ශනවලදි ඇය විසින් බලපත්රයක් නොමැතිව විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවද හෙළිවි තිබේ.
සැකකාරිය ගම්පහ කම්කරු මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව 2019.12.06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්රාත්වරයා නියෝග කරන ලදි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
