ජපාන ‘තකනාමි’ කොළඹ වරායට සේන්දු වෙයි
- 21 02 2020
- 12:25
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’(TAKANAMI) නෞකාව අද (21දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් යූචි නිහාරා (Ryouichi Nihara) ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත විය. මෙම මස 23 වන දින දක්වා මෙම නෞකාව දිවයිනෙහි රැදී සිටීමට නියමිතය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
