ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙල වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ,
“මෙම මැතිවරණ කාර්යාලය විවෘත කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ මහ මැතිවරණය රටට ඉතාම වැදගත් මැතිවරණයක්. ඇත්තටම මේක දිස්ත්‍රික් මැතිවරණයක් විතරක් නෙවෙයි. මුළු රටේම පවත්වන මැතිවරණයක්. අපි දිස්ත්‍රික්කයක් වශයෙන් කටයුතු කළත් මුළු රටම සහ මුළු ලොවම බලාගෙන ඉන්න මැතිවරණයක්. ඒ නිසා මෙම මැතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රහණය කරවීම ඉතාම වැදගත්.
රටේ සංවර්ධනයට ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙල වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ජනාධිපතිවරයා එක පක්ෂයක, අගමැතිවරයා තවත් පක්ෂයක සිටින විට ඇතිවෙන තත්ත්වය පසුගිය කාලයේ අපි දැක්කා.
එදා ජනාධිපතිවරයා එක පක්ෂයක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තවත් පක්ෂයක. රනිල් කියන දේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ජනාධිපතිවරයා කියන දේ රනිල් කරන්නේ නැහැ. මේ ගැටුම නිසා ගුටි කෑවේ කවුද? අවසානයේ අවාසිය සිද්ධ වුණේ රටේ ජනතාවට. අද අපි සියලු දෙනා සන්ධානයකට එකතු වෙලා සිටිනවා. මෙම මැතිවරණය ජයග්‍රහණය කරවීම, ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමක්.
ජනාධිපතිවරයා ගේ දෑත් ශක්තිමත් කර ඔහුගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඔබේ සක්‍රිය දායකත්වය ලබා දෙන්න” යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
