ජනාතාවගේ ප්‍රශ්න වලට පැළැස්තර විසදුම් වෙනුවට ස්ථිර විසදුම ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම ස්ථිර විසදුම ඇතැම් විට රජයට වාසිදායක හා ජනප්‍රිය තීරණයක් නොවිය හැකි බවයි. ජනතාව වෙනුවෙන් ඇතැම්විට ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදු වන බව අවධාරණය කරන ඇමතිවරයා ජනතාව වෙනුවෙන් එවැනි තීන්දු ගැනීමට වත්මන් රජය පසුබට නොවන බව ද කියා සිටියි.
බඩුමිල පාලනය කිරිමට නොහැකිව ඇත්තේ කොරෝනා වසංගතයත් සමග රට තුල ඇති ආර්ථික අර්බුදය නිසා බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා විපක්ෂය එය දඩමිමා කරගනිමින් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවට ද චෝදනා කරයි.
ගම්පහ යක්කල විදියවත්ත ජල පිරිපහදු මධ්‍යස්ථානය වැඩි දියුුණු කිරිමේ ව්‍යාපෘතියේ ඉදිකිරිම් ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගිය දා (26) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙම ව්‍යාපෘතිය සදහා වැය කළ මුදල රුපියල් මිලියන 200 කි. දෛනික පිරිපහදු ප්‍රමාණය ජපය ඝණ මීටර් 2000 ක් වන අතර ව්‍යාපෘතිය නිම වීමත් සමග දිස්ත්‍රික්කයේ පවුල් 3000 කට නව ජල සබදතා ලබාදීමට හැකිවේ. ලබන වසරේ ජුනි මාසය වන විට ව්‍යාපෘතිය අවසන් කිරිමට නියමිතයි.