සතොස මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවතින නඩුව අද සිට දිනපතා විභාගයට ගැනීම කුරුණෑගල මහාධිකරණයේදී සිදුවේ.
කෙසේ වෙතත් මෙම නඩුව වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අධිකරණ සංකීර්ණයට පමණක් නොව අධිකරණ භූමියටත් පැමිණීම වළක්වමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝගයක් පනවා තිබේ.
පොලීසිය මේ බව මාධ්‍යවේදීන්ට දැනුම් දුන් අතර ඔවුන්ද පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් හේතුවක් නොදන්නා බවයි. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අධිකරණය තුළට පැමිණියේය.
ගීතාංජලී ප්‍රියදර්ශනී