පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා රඳවා සිටින කෑගල්ල බන්ධනාගාරය පර්චස් 100ක ඉදිකර තිබෙන රැඳවියන් 700ක් සිටින බන්ධනාගාරයක් බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙම බන්ධනාගාරයේ ඉඩකඩ මදිකමින් රැඳවියන් දැඩි අපහසුතාවයට මුහුණ පා තිබෙන බවද මන්ත්රීවරයා මෙහිදී සඳහන් කළේය.
සතියක් තිස්සේ එම බන්ධනාගාරයට ජලය නොලැබීම නිසා රවුෆ් හකීම් ඇමතිවරයා මාර්ගයෙන් ජල බව්සරයක් ගෙන්වා රැඳවියන්ගේ පරිභෝජනයට ලබාදුන් බවද ඒ මහතා ප්රකාශ කළේය.