නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය සැලකීමට ගෙන ජනවාරි මස 31 වන දින තෙක් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට කිසිවකුට අවස්ථාව ලබා නොදෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති කොවිඩ් -19 රෝග මර්දන පළාත් කමිටු රැස්වීමෙන් ගත් තිරණයක් අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් මේසේ සදහන් කළේය.
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පුන් පොහෝ දිනය යෙදෙන 29 දා ආරම්භ වුවද සෞඛ්‍ය අංශ සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළඹුණු බව ආණ්ඩුකාරවරයා කීය.
සිරිපා වන්දනා වාරය ආරම්භ කිරීමේ චාරිත්‍ර සීමිත පිරිසකගේ සහභාගිත්වය ඇතිව පෙර පරදිම කිසිදු අඩුවකින් තොරව සිදු කරන බවත් මෙවර සිරිපා වන්දනා වාරය උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වී වෙසක් පුන් පොහෝ දිනයෙන් නිමා වීමට නියමිතය.