එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26දා) නිල වශයෙන් මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නේය.
මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන දිනේෂ් ගුණවර්ධන මහතා අද (26දා) මානව හිමිකම් කවුන්සිලයේ (HRC) ඉහළ මට්ටමේ අංගය අමතමින් මේ බව සඳහන් කළේය.
එිහිදී 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු මස 34/1 දරන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කොට සකස් කරන ලද, 2019 මාර්තු මස 40/1 දරන ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ යෝජනා සම්මුතිය සඳහා සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව විධිමත් ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
මේ අතර මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් හෙට (27දා) සිදුකරන ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු ඉදිරිපත් කිරීම්වලට අමාත්‍ය ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමට නියමිතව තිබේ.
මේ අතර පෙබරවාරි 28 වැනි සිකුරාදා, අමාත්‍යවරයා මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය හමුවීමට නියමිතය.