ඇතැම් පිරිස් ද්වේශ සහගතව තම රටට එරෙහිව ජිනීවා වලට කේලාම් කියන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සති අන්තයේ මහනුවරට, ගොස් ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගෙන මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ද බැහැ දුටු අවස්ථාවේදී මේ පිළිබඳව ඔහු මහ නාහිමිවරුන් දැනුවත් කළ බව විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෙහිදී ජිනීවා සමුළුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලට නිසි පිළිතුරු ලබා දිම සම්බන්ධයෙන් ද උන්වහන්සේලා අනුශාසනා කළ බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජිනීවා සමුළුවේ 46 වන සැසියට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා සියල්ලම ජනාධිපති ,අගමැති ඇතුළු තම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන බව දැනටමත් ජිනීවා සමුළුවට දන්වා ඇති බවද, ද්වේෂ සහගතව මෙරට ඇතැම් පිරිස් තමන් ගේ රටට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ව්‍යාජ තොරතුරු පදනම් කර ගෙන කේලාම් කියන බවද අමාත්‍යවරයා මහ නාහිමිවරුන් ඉදිරියේ සඳහන් කළේ ය.