ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජනබලය කොළඹට විරෝධතාව සඳහා එක්වූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මිය යෑමට හේතුව හෘදයාබාධයක් බවද සඳහන්ය.
මේ අතර තවත් පුදගලයන් 16ක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබේ. එයින් 8 දෙනෙක් ලබාදුන් කිරිපැකට්ටුවක් විෂ වීමෙන් රෝහල් ගත වී ඇති අතර තවත් අට දෙනෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඒකාබද්ධය ඊයේ දිනයේදී සිය රෝගීන් ප්‍රවාහය කිරීමට සුවසැරිය ගිලන් රථ සේවයද භාවිත කර ඇති බවයි.