මුස්ලිම් ජනතාව පීඩාවට පත්වන ආකාරයට සමාජයේ ප්‍රචලිත කෙරෙන මතවාද නිවැරදි කිරීම සහ සමස්ත සමාජය සුවපත් කිරීම සඳහා සිය මැදිහත්වීම අවශ්‍ය බව පවසමින් ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් විසින් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
එහිදි මුසම්මිල් මහතා පවසා ඇත්තේ තවුහීද් ජමාත් වැනි සංවිධාන තුළ දක්නට ලැබෙන අන්තවාදී ප්‍රවණතාව කුමක්දැයි පොදු මහජනයාට අවබෝධයක් නොමැති බවයි.
එසේම එවැනි අන්තවාදී ප්රවණතාවයන් සහ සැබෑ ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජනතාව අතර පවතින වෙනස කුමක්දැයි පොදු මහජනයාට අවබෝධයක් නොමැති බැවින් එම අන්තවාදි පිරිස විසින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් යම් කිසි පියවරක් ගත යුතු බවද ඒ මහතා එම ලිපියේ සඳහන් කර ඇත.
පාස්කු ඉරිදා එල්ල කෙරුණු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරවලට වගකිව යුත්තෝ ඉස්ලාම් ආගම අදහන යම් අන්තවාදී පිරිසක් බව දැන් සමාජය තුළ තහවුරු වී ඇති බව රහසක් නොවන බැවින් ඇතැම්විට සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාවට එයින් බලවත් අසාධාරණයක් ද සිදුවන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
එම ලිපිය පහතින් දැක්වේ.