ජනපතිවරුන් තිදෙනෙක් ඉන්න ආණ්ඩුවක් - හරීන්
වත්මන් ජනපති ගෝඨාභය රජපක්ෂ මහතා මෙන්ම හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන ඇතුළුව වත්මන් ආණ්ඩුවට ජනපතිවරුන් තිදෙනෙක් සිටින බව සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මේ ආණ්ඩුව තුළ අවවාද අනුශාසනා ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. හිටපු ජනපතිවර දෙන්නෙක් ඉන්නවා. දැන් ඉන්න ජනාධිපතියි ජනාධිපතිවරු තුන්දෙනෙක් සිටින ආණ්ඩුවක්. ඇතිවෙන්න අත්දැකීම් තිබෙනවා. බලය අතින් ඇති වෙන්න තිබෙනවා. ඡන්ද අතින් ඇති වෙන්න තිබෙනවා.
දැන් ආයෙත් කාටවත් ඇගිල්ල දිගු කරන්න හිතන්නවත් එපා. අනාවැකියක් කියනවා. කැබිනට් මණ්ඩලය පත්වුණාට පස්සේ ආයතන ටික ගැසට් කළාම බලන්න පුළුවන් එක පවුලක් ඇතුළට කොච්චර ආයතන එයිද කියලා.
පාර්ලිමේන්තුව තුළ කරන්නේ පළමුව ව්‍යවස්ථාව වෙනස් කරන්නයි. මේක ජනතාවට වැරදි කියන්නේ නෑ. ජනතාව මේ දීලා තියෙන්නේ විජයග්රහණයක්”
popular news
-
Kumar Monday, 10 August 2020 09:13 PM
Clam up Harin SLPP beat your party squarely.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

