ජනපති පදවිප්රාප්තියට සංවර්ධන ව්‍යාපෘති 100ක් ජනතා අයිතියට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තිය නිමිතිකරගෙන මේ මස 08 වැනිදා සිට සංවර්ධන ව්‍යාපෘති සියයක් ජනතා අයිතියට පත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මෙහිදී 08 වැනිදා මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව වෙනුවෙන් නවීන පහසුකම් සහිතව ඉදිකළ නව ලග්ගල නගරය ජනතා අයිතියට පැවරීම සිදුවන බවද එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
මීට අමතරව වැඩ නිමකර තිබෙන සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පැවරීම ඉදිරි දිනවල සිදුවන බවත්, ජනපති පදවිප්‍රාප්තිය ඉලක්ක කරගෙන සංවර්ධන ව්‍යාපෘති සියයකට අධික ප්‍රමාණයක් ජනතා අයිතියටපත් කරන බවත් ඔහු කියා සිටියේය.
නව වසරේ පක්ෂයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බවත්, මේ වසර තුළදී මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත නිසා ඒ සඳහාද සූදානම් වන බවත් ඒ මහතා සඳහන් කළේය.

popular news
-
ATHURA Thursday, 03 January 2019 10:10 AM
දැන් එතකොට නිදහස්පක්ෂෙන් විතරයි මෙයා පත් වුන දවසෙ ඉදල වැඩ කරල තියෙන්නෙ.දැන් අපි කොහෙන්ද මේකට හිනා වෙන්න ඕන.
Reply : 0 0
Champa Thursday, 03 January 2019 03:15 PM
යකාගේ කතාවක්නේ. මේ ව්‍යපෘති කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිති වෙන්නේ? ණය අරන් කරපු ව්‍යපෘති නම් ණය ගෙවන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද? නැත්නම් ශ්‍රී ලංකා කාරයෝ විතරද? චන්දයක් තිබ්බේ නැත්නම් වැඩ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
