ජනපති නව වසරට ආශිර්වාද ගන්න සෝමාවති වැඳපුදා ගනියි
උදා වූ නව වසරේ කටයුතු ආරම්භ කරමින් අද (01) උදෑසන ඓතිහාසික සෝමාවති පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.
සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ද ආශිර්වාදය ලබා ගත්තේය.
ඉන් අනතුරුව පුදබිමේ විශේෂ ආගමික වතාවත්වලට එක් වූ ජනාධිපතිතුමා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.
අද දින සෝමාවති චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා පැවැත්වුණු විශේෂ කප්රුක පූජාවට ද ජනාධිපතිතුමා එක් විය.
නව වසරට ආශිර්වාද ලබා ගැනීම සදහා සෝමාවති පුදබිම වෙත පැමිණි බැතිමතුන් වෙනුවෙන් කිරිබත් සහ කැවිලි දන්සැලක් පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් සංවිධානය කර තිබූ අතර, එම දන්සැල ආරම්භ කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සෝමාවති පුදබිමේ ඉදිකෙරෙන දෙමහල් ධර්මශාලාවේ ඉදිකිරීම් කටයුතු ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එම ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දෙන ලදී.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
