ජනපති දිවයිනෙන් පිටත්ව යයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සාමාන්‍ය මගී පර්යන්තය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සිටි ගුවන් මගීන් සමග කතාබහක ද නිරත විය.
ඉන්දියානු සාගරය ආශ්රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී
“ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරිණ. මෙහි සිව්වන සමුළුව 2019 වසරේ දී මාලදිවයිනේදී පැවැති අතර එහිදී “ඉන්දියානු සාගර කලාපයේ සුරක්ෂිතතාව හා සම්ප්‍රදායික නොවන අභියෝග” පිළිබඳ පුළුල් සංවාදයට ගනු ලැබීය.
“පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වන සමුළුව හෙට (04) සහ අනිද්දා (05) දෙදින තුළ අබුඩාබිහි දී පැවැත්වේ. මෙවර සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කෙරේ.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති.
popular news
-
samson de silva Saturday, 04 December 2021 02:16 AM
"Sri Lankaawata kisima rasaayanika pohorak ho paliboda naasakayak mama genwanne nehe. Api den sampoornayenma kaabanika pohorawalin thamayi wagaa karanne. Mama kiyanna kemathiyi mama thamayi hondatama keruwe" kaiwaaruwa mema samuluwedith kiyalaa lokayaa newatha warak hinaa gassaawida kiyaa balaa sitimu.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

