20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ අයිතිය අහෝසි කර තිබුණත් එය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇති හෙයින් එය පවතින ආකාරයෙන්ම එනම් ජනපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් ඉදිරිපත් කිරිමට හැකි බවට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
මීට අමතරව මාධ්‍ය නියාමනය සඳහා මැතිවරණ කොමිෂමට ඇති බලය 20 වැනි සංශෝධනයෙන් ඉවත් කළද එයද සම්මත කරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය බැවින් එයද ව්‍යවස්ථාවේ පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිවූ බව අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව මැතිවරණ කොමිසමට මාධ්‍ය නියාමනය කිරිමේ බලය පවතී.