ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාත්‍යන්තරව පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කිරීමට ජාත්‍යන්තර ක්ෂෙමා සංවිධානය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ වසර 43කට පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තනි අතකින් ගත් තීරණය හරහා කලාපයේ එම දඬුවම ක්‍රියාත්මක නොකරන රටක් ලෙස ශ්‍රී ලංකාවේ අගනා වාර්තාව ආපසු හරවන බවද ක්ෂෙමා සංවිධානය පවසයි.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ලෝකයේ බොහෝ රටවල් කටයුතු කරන බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ වැළැක්වීම සඳහා හේතුවක් බවට වන සාක්ෂියක් නොමැති බවත් එම සංවිධානය පවසයි.
ඒ අනුව මරණ දඬුවම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම වළකින ලෙස දන්වමින් තම සංවිධානය ඉදිරිපත් කර ඇති පෙත්සමට අත්සන් කරන ලෙසත් ක්ෂෙමා සංවිධානය වැඩිදුරටත් පවසයි.