ජනාධිපතිතුමාගේ නම භාවිතා කර රජයේ රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල ඌරුගමුව ප්‍රදේශයේ සැගව සිටියදීයි.
ඔහුට මෙසේ මුදල් ලබාදුන් පුද්ගලයින් අතර ප්‍රාදේශීය ලේකම්වරයෙකු, ගුරුවරුන් කිහිප දෙනෙකු හා උපාධිධාරීන් පිරිසක් ද සිටිනවා.
වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතනවල රැකියා ලබාදෙන පවසමින් සැකකරු පුද්ගලයින් 40 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
පුවත්පත්වල පළකර ඇති මංගල යෝජනා දැන්වීම් වල දුරකතන අංයන්ට අමතා තම සහෝදරයාට විවාහයක් කර ගැනීමට අවශ්‍ය බවත් රැකියාවක් නොමැති නම් රැකියාවක් ලබාදෙන බව පවසමින් තම ගිණුමට මුදල් බැර කරගෙන ඇති බව හෙළිවී තිබෙනවා.