ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිශ්චයකාර ධූරයන්ට සාමාජිකයන් පත්කිරීමට අදාළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්දේශ කර තිබූ නාමයන් 8න් 3කට පමණක් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්විය.
ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරෙන් දෙදෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.
එමෙන්ම, අභියාචනාධිකරණයේ විනිසුරු ධූරයන් සඳහා ජනාධිපති විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරින් එක් අයෙකු සඳහා පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.