ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කොළඹ සිටින විදේශ නාතාපතිවරුන් දැනුවත් කිරිමට කටයුතු කෙරිණි.
අද (12දා) විදේශ කටයුතු අමාත්‍යාංශයට තානාපතිවරුන් කැඳවා මෙම දැනුවත් කිරිම සිදු කළේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වූ අතර මෙම තීරණය ගත්තේ ව්‍යවස්ථාවට අනුකූලව බවත් ඔහු පැවැසීය.