මතුව තිබෙන දේශපාලන තත්වය හා මහමැතිවරණයක් ඉදිරිපිට විවිධ දේශපාලන බලවේග ඉදිරිපත් කරන තර්ක හමුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය අදහස් ප්‍රකාශ කරන මාධ්‍ය සාකච්ඡාවක් අද බත්තරමුල්ල පෙ.ස.ප. කාර්යාලයේදී පැවැත්විණි.
පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙසේ අදහස් දැක්වීය.
"පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව, ජනමාධ්‍ය වෙත කථානායකවරයා විසින් නිකුත් කළ නිවේදනයත් ජනාධිපතිවරයා විසින් ජාතිය අමතමින් කළ ප්‍රකාශය සහ මහමැතිවරණයක් කැදවීමෙන් රටතුළ උද්ගත වී ඇති තත්වයත් සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් අපට අදහස් ප්‍රමාණයක් මේ සමාජය වෙත ඉදිරිපත් කරන්න සිදුව තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශයේ විවිධ පරස්පරතා තියෙනවා. ඔහු විසින් ගත් අත්තනෝමතික පියවරයන්ගේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු මිලියන ගණනින් විකිණෙන තත්වයක් ඇති වූ බව තමයි අපට දකින්න ලැබෙන්නෙ. අනෙක් පැත්තෙන් මන්ත්‍රිවරු මරාගන්න නිසා මහමැතිවරණයක් කැදවන්නට සිදුවූ බව කියනවිට මහමැතිවරණයකින් සාමාන්‍ය ජනතාව මරාගන්න ඒකට වගකියන්නෙ කවුද? පසුගිය දේශපාලන වෙනස්කම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ තත්වයකින් තෙල් සංස්ථාවෙ සේවකයාගෙ මරණයට වගකියන්නෙ කවුද?
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් මේ සම්බන්ධව කිසිදු පීළිතුරක් ගන්න නොහැකියි. ජනාධිපතිවරයා වැඩ කරන ආකාරය වගකීම්සහගත නැති වැඩපිළිවෙළක් . බලය වෙනුවෙන් ගෙනයන ක්‍රියාදාමයක් බව පැහැදිලියි. ඒ නිසා අපේ සමාජය මරණ තුනක් ඇති මිනිසකුගේ ඉරණමට මුහුණ දෙමින් සිටිනවා."
කෂිනි හපුආරච්චි