රජයේ ප්‍රතිපත්තිය තුළ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිටරටින් හාල් ගෙන්වන්න ඉඩ නොදෙන බවත් ජනපති හාල් ගෙන්වීමට අවස්ථාව දෙන්නේ නම් පහසුවෙන්ම සහල් මිල අඩු කිරීමට හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කෙසේ වෙතත් අවුරුදු සමයේදී නාඩු හා කැකුළු සහල් රුපියල් 100ට අඩුවෙන් ලබාදීමට හැකි වූ බවත් කිරි සම්බා මිල පමණක් පාලනය කිරීමට නොහැකි වූ බවත් ඔහු පැවැසීය.