ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන දුමින්ද සිල්වා මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිදුවීමට අදාළව මරණීය දණ්ඩනය නියම වී ඇති දුමින්ද සිල්වා මහතාට පසුගිය පොසොන් පොහොය දිනයේදී ජනපති සමාව ලැබීය.
ජනපති ගෝඨාභය රජපක්ෂ මහතා විසින් මෙම අනුමත කර ඇති අතර ඒ සඳහා වන ලිපිය ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් එම ලිපිය ග්‍රාමීය නිවාස ඉදිකිරීම, ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා වෙත එම ලිපිය යොමුකර තිබේ.