සිරගත කර සිටින තමන්ට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැ බවත් ඒ අනුව එම ඉල්ලීම ඉටු කිරීම විපක්ෂනායක වරයාගේ වගකීම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවැසීය.
එම ක්‍රියාමාර්ගය ගැනීම සඳහා සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී එකඟ වූ බවද ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී අලවතුවල මහතා පැවැසීය.