Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ජනමහිමය’ රැළියේදී ‘සමනල රැන‘ යනුවෙන් ප්‍රකාශ කිරීම හේතුවෙන් සමරිසි ප්‍රජාවට හානියක් සිදු වූ බවත්, ජනාධිපතිවරයා එම ප්‍රජාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවත් කොළඹදී අද (07දා) සවස පැවැති මාධ්‍ය හමුවකදි සමරිසි ක්රියාකාරිකයන් පිරිසක් සඳහන් කළහ.
බොරැල්ල සරසවි පටුමගේ පිහිටි ‘කාන්තාව සහ සාමුහිකය’ මධ්‍යස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවදී ඔවුහු මේ බව සඳහන් කළහ.
සමරිසි හැසිරීම අපරාධයක් නොව අයිතිවාසිකමක් බවත්, ජනාධිපතිවරයා සමරිසි ප්‍රජාවගේ සිත් රිදවා තිබෙන අතර, පුද්ගලික ලිංගික ජීවිත හාරා අවුස්සමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් සමරිසි ප්‍රජාව භීතියට පත්ව සිටින බවත් ඔවුහු කියා සිටියහ.
එහිදී අදහස් දැක් වූ ‘සයපෙති කුසුම’ චිත්‍රපටිය නිර්මාණය කළ විසාකේස චන්ද්‍රසේකරන් මහතා සඳහන් කළේ ලෝකයේ අනෙකුත් රටවල සේම ශ්‍රී ලංකාවේද සමරිසි ප්‍රජාව පීඩාවට ලක්වී තිබෙන බවත් , යහපාලන රජය හෝ ලංකාවේ පැවැති කිසිදු රජයක් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට නැති බවත්ය.
සමරිසි ප්‍රජාවට දේශපාලනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත්, එම ප්‍රජාවට ගරු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
ranasingha Wednesday, 07 November 2018 09:35 PM
මේ රටේ සංස්කෘතිය අදුනන්නේ නැති සභ්‍යත්වය අදුනන්නේ නැති වුන් පිට රටින් හොද දේ ගේන්නේ නැහැ.. ඒක හදුනා නොගත් කාලකන්නි මාධ්‍ය වේදීන් යැයි කියා ගන්නා තකතිරුවන් පොඩි උන්ටත් කියවන්න මේවා පත්තර වල දානවා .දැන් අඩු ඕකද? ඉස්සර වෙලා අපේ සංස්කෘතිය ගැන හිතපල්ලා .පත්තර වල ලියන කොටත් මේවා පොඩි උන්ගේ් සිට මහ වුන් දක්වා කියවන බව දැනගනිල්ලා . තොපේ පත්තර වෙළදාම අඩු වීමටත් එක හේතුවක් තමයි පත්තර ගෙදරට ගෙනියන්න බැහැ පොඩි උන් ඉන්න නිසා. ලිපියක් පළකරන්න ඉස්සරවෙලා මේවා හිතුවොත් හොදයි.
Reply : 6 18
Janaka SIlva Thursday, 08 November 2018 02:29 PM
මේ අයට අනියත බියක් දක්වන්නෝද, සස්කෘතිය කියමින් කෑගසන්නෝද මානසික රෝගයක් වන හෝමෝෆොබියාවෙන් පෙලෙන්නෝය. කරුණාකර ප්‍රතිකාර හෝ උපදේශනය ලබාගන්න
Reply : 5 17
kapila Wednesday, 07 November 2018 10:39 PM
උඹලට හොඳම නායකයින් රනිල්, මංගල, සාගල
Reply : 5 109
Sunil Thursday, 08 November 2018 06:11 AM
කවුද මේගොල්ලන්ව ගණන් ගන්නේ?
Reply : 4 6
janaka silva Thursday, 08 November 2018 12:31 PM
මේ අයට අනියත බියක් දක්වන්නෝද, සස්කෘතිය කියමින් කෑගසන්නෝද මානසික රෝගයක් වන හෝමෝෆොබියාවෙන් පෙලෙන්නෝය. කරුණාකර ප්‍රතිකාර හෝ උපදේශනය ලබාගන්න
Reply : 4 13
O.m.w Thursday, 08 November 2018 07:23 PM
මා දකින්නේ එම කතාව හුදෙක් ලිංගික ත්වය අරභයා කල එකක් නොව ඔවුන් බලයට එනවිට සිටියා මෙන් නොව පසුකාලීනව ඔවුන් සැපවත් හා ආඩම්බර ලීලාවෙන් කල් ගෙවීම නිසා කී කතාවක් විය හැකී.
Reply : 0 0
නුවන් Friday, 09 November 2018 05:19 AM
මෙතැනට කිසිම සම්බන්ධයක් නැති හිස් වදන් පෙලක් කියනු කැමැත්තෙමි.. දහවල් ගණිකාවන්ට ගල් ගසන්නන් රෑට පස්සා දොරින් පහස සොයා රිංගති.. සමාවනුමැන මහතුනි..
Reply : 1 0
Deepal Nirosh Friday, 09 November 2018 08:51 AM
මෙහෙමත් ප්‍රජාවක් ඉන්නව කියල අපි දන්නෙත් මේ ප්‍රවෘත්තියෙන්. හොරාට ඉස්සෙල්ල කෙහෙල් කැන වැට පනිනව කියන්නෙ මේ වගේ කතා වලටයි. අපි දැනුවත්ව නම් “සමනළ රෑන“ කියල ජනපති අදහස් කළේ මහ පොළොවේ කිසිදා පය නො ගැසූ පිරිසක් කියන එකටයි. මල් පැණි උරා බොන සමනළයට මහ පොළොවට පතිත වීමට අවශ්‍යතාවක් ඇත්තෙම නැහැ. මතක ද පාර්ලිමේන්තුවෙ සමහරු කිව්වෙ අපි පාසලට ගියෙත් ඩිෆෙන්ඩරයෙන් කියල?
Reply : 0 0
අරුණ Monday, 12 November 2018 02:48 PM
සතුන්ට ශාකයන්ට නැති අමුතු නැබුරැවක් ඔක බෙහෙත් ගන්න ඔනේ සෙට් එකක් ඔය ඉන්නේ.
Reply : 0 0
වජිර උමගිලිය Monday, 03 June 2019 09:44 PM
සමරිසි ප්‍රජාව වෙනුවෙන් සමාජ මෙහෙවරක් කිරිමට කැමැතියි. මොනරාගල දිස්ත්‍රික් ප්‍රජා සංවිධාන සංසදය හා ඒකාබද්ධව වැඩ සදටහනක් පැවැත්වීමට අවශ්‍ය උපදෙස් ලබාදේනන.එම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරමි.සමරිසි සමාජ ගත කිරිමේ අවශ්‍යතාව ඇත. මේ සදහා වැඩ මුලුවක් පැවැත්වීමට උපදෙස් ලබාදෙන්න. මම වජිර උමගිලිය. 0716563442
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd