පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටාර්තේ මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි පිලිපීනයේ පස් දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (15දා) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේ ය.
දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීම මෙම සංචාරයේ අරමුණ වන අතර ඒ පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද ජනාධිපතිගේ මෙම සංචාරයේ දී අත්සන් තැබීමට නියමිතය.
ජනාධිපතිවරුන් දෙපළ අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. සිය සංචාරයේ දී පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස්හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකටද ජනපති එක්වීමට නියමිතය.
2019 වසරේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පළමු විදේශ සංචාරය මෙය වන අතර පිලීපීනයට මෙම වසරේ රාජ්‍ය නායකයෙකු පැමිණෙන පළමු අවස්ථාව ද මෙයයි.