ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම රටට විශාල අවාසියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරය නිමකර දිවයිනට පැමිණි පසු ඒ පිළිබඳ සාකච්ඡා කරන බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වයෙන් ගොඩඒමට මූලික වශයෙන් අනවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සීමා කළ යුතු බවත් දේශීය කර්මාන්ත ශක්තිමත් කළ යුතු බවද අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.