ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන බවට කෙරුණු ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉන්දීය ආරක්ෂක ප්රධානීන්ශ්රී ලංකා රජයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.
ශ්‍රීලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය රජයේ ආරක්ෂක ප්‍රධානීන් විසින් මෙම ඉල්ලීම රජයට යොමුකර ඇති අතර, ඒ අනුව ජනාධිපති කාර්යාලයට, අග්‍රාමාත්‍ය කාර්යාලයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට පෙරේදා (17දා) රාත්‍රිය වනවිට නිල වශයෙන් දැනුම්දී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේවනවිට ඉන්දීය නිල සංචාරයට සහභාගි වී ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග විශේෂ සාකච්ඡාවක් හෙට(20දා) දිනයේදී සිදුකිරීමට නියමිතය. එහිදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
එමෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවීමට අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම්දී තිබේ.