Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
ආරක්ෂක විෂයභාර ජනාධිපතිතුමාගේ අනුදැනුමක් නැතුව ඒ අංශ ක්‍රියාත්මක වනවානම් එය රටේ අනාගත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලූවක් මතුවන බව පූජ්‍ය ඕමල්පේ සොභිත හිමියෝ කියති.
ඇඹිලිපිටියේ දී අද සවස පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.
එම මාධ්‍ය සාකච්ඡාවේදි තවදුරටත් අදහස් දැක්වූ සොභිත හිමියෝ
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා සංදේශයක් ඉදිරිපත් කිරීමට භික්ෂුන් වහන්සේලා පිරිසක් පැමිණි අවස්ථාවේ සිදුවුණ ක්‍රියාවලිය අතිශයින් සංවේගදායකයි. පසුගියදා ජනමාධ්‍ය මගින් දුටු ඒ දර්ශනය හදවත අතිශයින් කම්පා කරවන එකක්.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඒ භික්ෂූන් වහන්සේලාගෙන් කොටසක් ගෙන්වලා සාකච්ඡා කර තිබුණා. එතුමා ඒ සිද්ධිය දන්නේ නෑ කියලා සමාව ඉල්ලලා තිබුණා. භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්න පොරෝන්දුත් වෙලා තියනවා. ඒක ඉතාම හොදයි. හැබැයි ඒ එක්කම ප්‍රශ්න රාශියක් පැන නගිනවා.
නීතිය, සාමය යන විෂයන් සම්බන්ධ විෂයභාරව කටයුතු කරන්නේ ජනාධිපතිතුමා. එතකොට ජනාධිපතිතුමාගේ දැනුමකින් තොරව එතුමාගේ විෂය ක්ෂෙත්රෙයහි බලතල ඉක්මවා, කටයුතු කරන්නේ කවුද කියන ප්රශ්නය පැන නගිනවා.
එතකොට එවැනි සිදුවීමක් ජනාධිපතිතුමාගේ අනුදැනුමකින් තොරව සිදුවනවානම් එය රටේ නීතිය හා සාමය පිළිබදව බරපතල ප්‍රශ්නයක් ඇති කරවනවා. වගකිවයුතු අමාත්‍යාංශයක අණ නියමය කිරීමකින් තොරව ක්‍රියා කරනවනම් පොලීසිය, ආරක්ෂක අංශ කාගේ නියමයක් ද කාගේ අණක් ද, කාගේ අදහසක් ද මේ ක්‍රියාත්මක කරන්නේ කියන අදහස සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ජනතාව තුල පැනනගිනවා. මෙ වගේ කටයුතු වෙනවානම් ඒක රටේ ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක්.
නීතිය හා සාමය මැනවින් ක්‍රියාත්මක වන්නට ජනාධිපතිතුමාගේ අනුදැනුමෙන් යුතුව පරිසරය සකස් විය යුතුයි. එය තමා නොදන්නවාය කියලා කීම මගින් මේ ප්‍රශ්නයට විසදුම් ලැබෙන්නේ නෑ. හෙටත් මේ වගේ අවස්ථාවක් වුණොත් කවුද ඒකට වග කියන්නේ කියන ප්රශ්නය පැන නගිනවා.‘ යනුවෙන් උන්වහන්සේ පැවසුහ.
popular news
Champa Tuesday, 20 November 2018 08:27 PM
අනේ හාමුදුරුවනේ, නිකම් සිරිසේන ජනාධිපතිව සුද්ධ කරන්න යන්න එපා. එයා දන්නේ නැතුව මුකුත් වෙන්නේ නැහැ. අනිත් එක වෙන කොහේ නැතත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී එයා නොදැන වෙන්න පුලුවන්ද? ඥානසාර හාමුදුරුවන්ට නිදහස ඉල්ලෙන්නේ දැන් කාලෙක ඉඳල. මෙතෙක් කල් නෑහුනා වගේ හිටිය. දැන් ඒ ගැන සන්දේශයක් බාර දෙන්න සාමකාමීව ආපු හාමුදුරුවන්ටයි සිංහලේ සාමාජිකයන්ටයි වතුරයි කඳුළු ගෑසුයි වෙන තැනකදී ගැහැව්වා නම් දන්නේ නැහැ කියන්න තිබ්බ. මේක වුනේ හරියටම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී. ඉතින් ජනාධිපති දන්නේ නැත්ද? හැබැයි ඊයේ පෙරේද එකපාරට Galle Face Green එකට කඩා වැදිලා ජනාධිපති ලේකම් කර්යාලය පැත්තට ගියපු වතුකරේ කියලා ආපු තමිල්නාඩු මින්ස්සුන්ටයි diasporaවේ මිනිස්සුන්ට කඳුළු ගෑස් ගැහැව්වේ නැහැ කියලා ඔබ වහන්සේට දැන් අමතක ඇති. අනිත් එක හාමුදුරුවනේ රටේ තොටේ දේවල් ගැන ඔබ වහන්සේ මේ දවස් වල අවදියෙන් නෙමෙයි වගේ ඉන්නේ නේද? ඒ මොකොද කිව්වා ඔබ වහන්සේ දන්නේ නැති වුනාට "දැන් ආරක්ෂක අමාත්‍යංශයට අමතරව නීතිය හා සායම ඇමැතිකමයි පොලීසියයි ඔක්කොම" හඳපානේ ජනාධිපති යටතට අරන් තියෙන්නේ. දැන් සති දෙකකටත් වැඩියි මං හිතන්නේ.
Reply : 0 0
Dayan Tuesday, 20 November 2018 10:03 PM
අපේ හාමුදුරුවනේ එයාගේ විදිහ ඒක තමෛ. පොලිසියට වතුර ගහන්න කියල. දැන් බබා වෙනවා. නියම හොරා.
Reply : 0 0
පොලිසිය Tuesday, 20 November 2018 10:04 PM
හාමුදුරුවනේ....... ඔබ වාහනේ නොදන්නා නිසා මෙය ලියමි. මහජන උද්ගෝෂණයක් ආරක්ෂිත කලාපයක සිදුවන විට එම උද්ගෝෂණය සිමාව ඉක්මවා යනවා යයි හැංගී ගියවිට එය මැඩ පැවැත්වීම එම් ස්ථානයේ සිටින පොලිස් නිලධාරීන් ගේ ක්‍රියාවක් මිස ජනාධිපති අනින් සිදුවන්නක් නොවේ. එහිදී කඳුළු ගෑස් ද බැටන් ප්‍රහාර ද යන්න අදාළ නැත. ලොකු ටෝක් දීමට ප්‍රථම යතාර්ථය අවභොධකරගන සිටින්න.
Reply : 2 0
Deepal Nirosh Wednesday, 21 November 2018 09:02 AM
ගරු හාමුදුරුවනේ මේවා දැන් අවුරුදු ගණනක් තිස්සේ විටින් විට සිදුවුණා. දැන් මොකද්ද අමුත්ත? ඒ දිනවලත් ගරු ජනපතිතුමා මේ වගේ සිද්ධි ගැන දැන ගත්තෙ පත්තරෙන්, නැතිනම් ජනමාධය මගින්. හැබැයි දැන් එතුමාට පීඩිත පාර්ශ්ව කැඳවල දුක සැප විමසන්න පොඩි නිදහසක් ලැබිල තියනව. එච්චරයි වෙනස.
Reply : 2 0
hemantha Wednesday, 21 November 2018 10:06 AM
හාමුදුරුවනේ, අපේ රටේ ජනාදිපති කියන කෙනා කොහොමත් රටේ වෙන දේවල් දන්නේ පත්තරෙන් නැත්නම් රුපවාහිනින්නේ. පුදුම වෙන්න දෙයක් නැහැ.
Reply : 0 1
Saththaya Wednesday, 21 November 2018 10:25 AM
කොසොල් රජතුමාගේ 11 වෙනි හීනය :- කොසොල් රජතුමා - ස්වාමිනි මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් . මන් දැක්කා සුවද හමන සදුන් කොටයක් කුණු ගද ගහන මෝරු කලයකට හුවමාරු කරනවා . ස්වාමිනි ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට බුදුරජානන්වහන්සේ :- "රජතුමනි අනාගතයේදී මගේ ශාසනේ බොහෝ භික්ෂුන් වහන්සේලා ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා . පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා .මෙසේ සහස්ට්රුන්වහන්සේලගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවලට පාවා දීම තමයි මෙම හීනයේ තේරුම .
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd