ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡා කර රජයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය. "නීත්‍යානුකූල නොවන ආණ්ඩුව අද නැත. පරාජය වූ ආණ්ඩුව තුළ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට කියන්නේ මැති ඇමතිබලතල අපේ. නීත්‍යානුකූල නොවන තීරණ ක්‍රියාත්මක කරන්න එපා"