ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අකී‍්‍රය වී තිබෙන අතර එය ප්රජාතන්ත්රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බවත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද පටහැනි බව සඳහන් කළේය.
ජනාධිපතිවරණයක් ගැන කථා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තමන් ඒ පිළිබඳ මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර තිබෙන බව ද කියා සිටියේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්රතිසංවිධාන කටයුතු පිළිබඳ පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරු කැඳවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරු සමග හමුවට ඊයේ (13දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමින් ඔහු බව ප්‍රකාශ කළේය.
ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණයක් පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදිමට කටයුතු කළ යුතු බවද ඔහු පැවැසීය.