Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
පවතින දැඩි අර්බුදකාරි තත්වය හමුවේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුව රැස් කොට කඩිනම් තීරණයක් ගැනීම වඩා යෝග්‍ය බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ තවදුරටත් එහි මෙසේ ද සදහන් කර තිබේ.
පසුගියදා නව අගමැතිවරයකු පත් කිරීමත්, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමක් පිළිබද පක්ෂ විපක්ෂදෙපාර්ශවයෙන්ම පිරිස් හා විවිධ දේශපාලනික මත දරන කණ්ඩායම් මෙන්ම රට වැසියන් හා දෙස් විදෙස් පාර්ශවයම ද මේ වනවිට රට පත්ව ඇති දේශපාලනික අරාජිකත්වය පිළිබඳව විවිධ මත දරන බව පැහැදිලිව පෙනෙන්නට ඇත.
රටේ ආර්ථිකමය, සමාජමය, දේශපාලනමය මෙන්ම ආගමික වශයෙන් මෙලෙස දිනෙන් දින පිරිහීම තුළින් රටේ පැවැත්ම ඉතා ඉක්මනින් බිඳ වැටෙන බව පැහැදිලි සත්‍යයකි. මේ වන විට රාජ්‍ය ආයතන, කාර්යාල, දෙපාර්තමේන්තුව ආදී සියලු තැන්හි කටයුතු මෙන්ම සාමාන්‍ය ජනජීවිතයට බලපාන රාජ්‍ය ක්‍රමවේදයන්ද සම්පූර්ණයෙන්ම බිද වැටී ඇත.
එහෙයින් පවතින දැඩි අර්බුදකාරී තත්වය හමුවේ ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් පාර්ලිමේන්තුව රැස් කොට මේ පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීම වඩා යෝග්‍ය බව අපගේ හැඟීමයි. ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල වත්, දේශපාලනික සදාචාරාත්මක භාවයත් ආරක්ෂා කරගනිමින් සුදුසු නිසි පියවරක් ගැනීමට හැකිවේයැයි අප විශ්වාස කරමු. ඒ තුළින් රටේ සියලුම අංශයන්ගේ බිඳවැටීම නවතාලිය හැකිවා සේම පොදු මහජනතාවගේ අභිවෘද්ධිය හා යහපැවැත්මත් රටේ සාමකාමී සහජීවනයත් ආරක්ෂා කර ගත හැකි බව කරුණාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරන බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ජනාධිපතිවරයා වෙත යවන ලිපියේ සදහන් කොට තිබේ.
චමිල් රූපසිංහ
popular news
bamunuaarachchi Saturday, 17 November 2018 07:27 AM
ගරු නායක හිමියනි. මෙහි කිසිම ගැටළුවක් පැන නගින්නට ඉඩක් නැත. ගරු ජනාධිපති තුමා අගමැති වශයෙන් ඊට සුදුසුම පුද්ගලයා වන මහින්ද රාජපක්ස මැතිතුමාව ව්‍යවස්තානුකුලව පත් කර ඇත. රටේ ජනතාවගෙන් 85%ක් සිංහල බවුද්ධයෝය. රට එක්සේසත් කලපුද්ගලයා වන නව අගමැති තුමාගේ ඉදිරි වැඩ පිළිවෙලට සහාය වීම කාගේත් යුතුකමය. බල ලෝභී යු.එන.පී. කාරයනුත්, ජාතිවාදී සුළුජාතික පක්ස සහ උන්ට උඩ ගෙඩි දෙන ලද බොළඳ ජේ.වී.පී. කාරයනුත් එක්ව ගෙන යන මේ ජාති ද්‍රෝහී ව්‍යාපාරය මැඩ පැවැත්විය යුතුය. උතුරේ කොටින් පරාජය කල අපේ නව අගමැති තුමා එය තව ටික දිනකින් ජය ගන්නවාට සැකයක් නැත! බුද්ධාගමේ චිරස්ථිතිය පතන ඔබ වහන්සේලාගේද ආශීර්වාදය ජාතියේ පිනින් පහල වූ ඒ උත්තමයාට ලැබේවා!
Reply : 0 0
සිංහයොත් බලු වෙනෝ Saturday, 17 November 2018 08:15 AM
011 ජුනි මස 21 වැනි දා අඟහරුවාදා. එවකට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තිබුණේ. පාර්ලිමේන්තුවේ කතානායක ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂ මහත්මයා. තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එදා. යෝජනාව ඉදිරිපත් කළායින් පසු මේ පිළිබඳ පැහැදිලි කරමින් කතාවක් කරන්න කරු ජයසූරිය මහතා ඉල්ලුවත් කතානායක චමල් මහතා ඊට අවසර දුන්නේ නෑ. කතානායකවරයා කිව්වා මේ යේාජනාව කාට හරි ස්ථිර කරන්න කියලා. ඒ අනුව ස්ථිර කරන්න නැගී සිටියේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඉන් පසු නිමල් සිරිපාල ද සිල්වා මහතා නැගිට යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළා. ඉන් පසු කතානායක චමල් රාජපක්ෂ මහත්මයා කිව්වා ආණ්ඩු පක්ෂය මෙයට විරුද්ධ නිසා කටහඬින් ඡන්දය විමසමු කියලා. විපක්ෂය (එජාපය) ඊට විරුද්ධ වෙද්දි කතානායකවරයා යළිත් කිව්වා වැඩි ශබ්දයට ජයග්‍රහණය ලැබෙන නිසා නිශ්ෂබ්ද වෙන්න කියලා. එදා යෝජනාව සම්බන්ධයෙන් කතානායක චමල් ‘කටහඬවල්‘ අනුව ඡන්දය විමසලා ‘විරුද්ධයි‘ශබ්දය වැඩියි කියා ඒ පැත්තට තීන්දුව දුන්නා. මෙවර කතානායක කරු කටහඬ අනුව
Reply : 0 0
sg Saturday, 17 November 2018 10:44 AM
එය මැදිහත්වෙලා thama ඉන්නේ
Reply : 0 0
ajith Saturday, 17 November 2018 11:16 AM
TNA එකයි JVP එකයි රනිල් අගමැති කරන්න කියල දිවුරුම් පෙත්සම් දුන්නම් හා ආණ්ඩු පැත්තේ ඉදගත්තනම් මේ ප්‍රශ්නේ ඉවරයි . විපක්ෂ නායක ධුරයයි විපක්ෂේ සංවිදායක ධුරයයි දෙකම තියාගෙන මහින්දට අගමැති කමෙන් යන්න කියන එක වැරදි වැඩක්
Reply : 0 0
rocky Saturday, 17 November 2018 04:45 PM
කතා කරලා වැඩක් නැහැ නායක හාමුදුරුවනේ. අති ගරු සිපයියා ශත වර්ශයකින් වත් ගොඩ ගන්න බැරි තරමට අපේ රට ප්‍රපාතයකට දැම්ම! බලේට තියන බඩ ජහරි කම හින්ද මු මුළු රටම අමාරුවෙ දැම්ම. දැන් විදේශ නය කාරයෝ කොන්දේසි දාන කොට .. ඊළඟ පරම්පරාව අමාරුවේ. පරම්පරා ගානක් සිංහල ගැහැණු ටික මැද පෙරදිගට විකුණලා තමයි පොලිය ගෙවන්න වෙන්නේ! අපි සිංහයා ලකුණ දරන ප්‍රවුඩ වහල් ජාතියක් බවට පත් වෙන්නයි යන්නේ! ජනාධිපතිගේ මිරිස් කුඩු වීරයන්ට, පුටු සටන් කාරයන්ට ජය වේවා!
Reply : 0 0
Don Saturday, 17 November 2018 05:32 PM
ඊයේ හැසිරීම බලු වටින්නේ නෑ. නමුත් එක නායකයෙක් ඉඳලත් හැසිරුනේ එහෙම නම් දෙන්නෙක් ඉඳල වැඩියෙන් චූන් වෙලා වැඩ පෙන්වාවි මෙතෙක් කිසිම ආකාරයකින් කරපු වැරදි වලට නායකයෝ අවවාද කලේ නෑ අපි ඉන්නේ ඒගොල්ල චන්දෙ ඉල්ලන්න එනකම්
Reply : 0 0
ajith Saturday, 17 November 2018 10:15 PM
TNA එකයි JVP එකයි රනිල් අගමැති කරන්න කියල දිවුරුම් පෙත්සම් දුන්නම් හා ආණ්ඩු පැත්තේ ඉදගත්තනම් මේ ප්‍රශ්නේ ඉවරයි . විපක්ෂ නායක ධුරයයි විපක්ෂේ සංවිදායක ධුරයයි දෙකම තියාගෙන මහින්දට අගමැති කමෙන් යන්න කියන එක වැරදි වැඩක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd